ගොඩනැගිලි සැලසුමක් හා මිනින්දෝරු සැලසුමක් අනුමත කිරීම යනු,
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ,
නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත් මහල් 4ට අඩුවෙන් ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි වෙනුවෙන් හා පර්චස් 6කට නොඅඩු බිම් කට්ටි සැලැසුමක් නීත්‍යානුකූලව අනුමත කර ගැනිම සඳහා අවසරය ලබා දීම.
නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අයත් නොවන ඕනෑම යෝජිත ගොඩනැගිලි සැලසුම් වෙනුවෙන් සහ පර්චස් 6කට නොඅඩු බිම් කට්ටි සැලැසුමක් නීත්‍යානුකූලව අනුමත කර ගැනිම සඳහා අවසරය ලබා දීම.
ගොඩනැගිලි සැලසුම හෝ මිනින්දෝරු සැලසුම අනුමත කිරීම සඳහා උපදෙස්
අවශ්‍ය කරන ලියවිලි
1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
2. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිකුත් කරන ලද භූමි යෝග්‍යතා වාර්තාව (NBRO)
3. නිවැරදිව සැලසුම්කර අදින ලද ගොඩනැගිලි සැලසුමේ පිටපත් 03 ( 1:1000 පරිමාණයට අනුව) මිනින්දෝරු සැලසුම පමණක් අනුමත කරන්නේ නම් මෙය අවශ්‍ය නොවේ.
4. අදාළ ඉඩමේ ලියාපදිංචි කල ඔප්පු පිටපත
5. අදාළ ඉඩමේ මිනින්දෝරු සැලසුමේ පිටපත් 03 ( සත්‍ය පිටපත් ලෙස සහතික කළ)
6. ඉඩමට අදාළ මුල් මිනින්සෝරු සැලසුම හෝ ගම් පිඹුර
7. ඉදිකිරීම් ස්වභාවය අනුව වෙනත් ආයතනවල නිර්දේශයන්
අයදුම්පත සම්පූර්ණ විය යුතු පිළිවෙල
කාර්යාලයට මුදල් ගෙවා ලබා ගන්නා ලද අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කර අයදුම්කරු අත්සන් කර දිනය යොදා කිබිය යුතු ය.
අයදුම්පතෙහි (නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයට අයත්) සුදුසුකම්ලත් පුද්ගලයා වශයෙන් මිනින්දෝරු සැලසුම අදින ලද අය විසින් නිල මුද්‍රාව තබා අත්සන් කළ යුතුය.
ගොඩනැගිලි සැලසුම් පිටපත් වලද අයදුම්කරු හා සැලසුම අසින අය විසින් (නිල මුද්‍රාව සහිතව) අත්සන් කල යුතුය.
මිනින්දෝරු පිටපත් අදාළ මිනින්දෝරු තැන විසින් සත්‍ය පිටපතක් ලෙස සහතික කළ යුතු ය.
ඉදිකිරීම් ස්වභාවය අනුව වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු හෝ වරලත් ඉංජිනේරු වරයෙකුගේ අනුමැතිය ලබාගත යුතුය.
ඉහත ආකාරයට සම්පුර්ණ කල අයදුම්පත සමඟ අදාළ ලියවිලි ආයතනයේ විශය භාර නිලධාරි වෙත යොමු කරන්න.
අනුමත කිරිමේ ක්‍රියාවලිය
අයදුම්පත ඉහත සඳහන් නිවැරදි ලියවිලි සමඟ විශය නිලධාරි වෙත ලබා දීම.
අයදුම්පත්‍රය ඇතුළු ලියවිලි ගොනුවක් ලෙසට ලියාපදිංචි අංකයක් ද සමඟ ලේඛනගත කිරීම.
කාර්මික නිලධාරි / තාක්ෂණ සේවා නිලධාරි වෙත යොමු කිරීම.
කේෂ්ත්‍ර පරීක්ෂණ වාර්තාවක් සමඟ කාර්මික නිලධාරි වෙතින් ලැබෙන අයදුම්පත විෂය නිලධාරිගේ කාර්යාල සටහනින් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත යොමු කිරීම.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිර්දේශයෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේදී මාසිකව රැස්වන නිවාස හා ප්‍රජා පහසුකම් කමිටුව/ නිවාස සැලසුම් කමිටුව වෙත යොමු කිරීම.
කමිටු තීරණය ලැබීමෙන් පසු අයදුම්කරු ඒ පිලිබඳව දැනුවත් කිරීම.
අදාළ අනුමත ගාස්තු ගෙවීමෙන් පසුව ගරු සභාපතිතුමාගේ නිල මුද්‍රාව හා අත්සනින් යුතුව අනුමත කළ සැලසුමෙහි පිටපතක් අයදුම්කරු වෙත ලබා දීම.
කාර්ය පටිපාටිය
අයදුම් කිරීමේ කාර්ය පටිපාටිය
නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍ර දේශයට අයත්ව කරනු ලබන ඉදිකිරීමක් නම් රු. 500.00 ක මුදලක් ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් අදාල අයදුම් පත්‍රය ලබා ගැනීම. (UDA)
නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍ර දේශයට අයත් නොවන ඉදි කිරීමක් නම් රු. 500.00ක මුදලක් ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ රක්වාන උප කාර්යාලයෙන් අදාල අයදුම් පත්‍රය ලබා ගැනීම. (UDA නොවන)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කරනු ලබන වාර්තාව සඳහා රු. 25.00ක මුදලක් ගෙවා ප්‍රධාන කාර්යාලයෙන් හෝ රක්වාන උප කාර්යාලයෙන් අදාල අයදුම් පත්‍රය ලබා ගත යුතු ය.
අයදුම් පත්‍රය සහිත සියළු ලියකියවිලි අඩුපාඩු රහිතව සම්පූර්ණ කර ප්‍රධාන කාර්යාලයට හෝ රක්වාන උප කාර්යාලයට භාර දීම.
ක්‍රියා කිරීමේ කාර්ය පටිපාටිය
නිසි ලෙස සම්පූර්ණ වූ අයදුම් පත්‍රය කාර්මික නිලධාරි වාර්තාව සඳහා යොමු කිරීම.
කාර්මික නිලධාරි පරීක්ෂාවෙන් හා නිර්දේශයෙන් පසුව ගොඩනැගිලි සැලසුමක් සහිත අයදුම්පත්‍රයක් නම් පමණක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය සඳහා යොමු කිරීම.
නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍ර දේශයට අයත්ව කරනු ලබන ඉදිකිරීමක් සඳහා වූ අයදුම් පත්‍රයක් නම් (UDA) මසකට වරක් පවත්වනු ලබන නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස හා සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම.
නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍ර දේශයට අයත් නොවන ඉදිකිරීමක් සඳහා වූ අයදුම් පත්‍රයක් නම් (UDA නොවන ) මසකට දෙවරක් පවත්වනු ලබන නිවාස හා ප්‍රජා පහසුකම් කමිටුවට ඉදිරිපත් කිරීම.
ගාස්තු අය කරන ආකාරය
UD නොවන බල ප්‍රදේශය
මිනින්දෝරු සැලසුමක් අනුමත කිරීම - රු500.00
ගොඩනැගිලි සැලසුමක් අනුමත කිරීම -
UD බල ප්‍රදේශය
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට අදාල නීති, සංග්‍රහ, රෙගුලාසි ආදිය
අදාළ ප්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ නාගරික සංවර්ධන ප්‍ර දේශයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත්නම් 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 11(අ) කොටස අදාළ වේ.
1986 මාර්තු මස 10 දිනැති අංක 392/9 දරණ විශේෂ ගැසට් පත්‍රය මඟින් අමාත්‍යවරයා විසින් පනවන ලද නියමයක්
අදාල ප්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන ප්‍ර දේශයක් ලෙස ප්‍රකාශයට පත් කොට නොමැති නම් 1915 නිවාස හා නගර සංවර්ධන පනතේ 5 හා 6 වගන්ති අදාළ වේ.
2021 ජූලි 08 වැනි දින නිකුත් කරන ලද අංක 2235/54 දරණ අති විශේෂ ගැසට් පත්‍රය
ප්‍රාදේශීය සභාවට සම්පූර්ණ කරන ලද අයදුම් පත සමඟ රැගෙන ආ යුතු ලියවිලි
NBRO report 01
ඔප්පුවෙ පිටපත් 01
මිනින්දෝරු සැලැස්මේ පිටපත් 03(සත්‍ය පිටපත්)
ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03
ඉඩමේ මුල් මිනින්දෝරු පිඹුර 01
වැඩිදුර තොරතුරු - 045 2240031
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට රැගෙන යා යුතු ලියවිලි
ජාතික හැදුනුම්පතේ පිටපත් (ඉඩම හිමිකරුගේ හා අයදුම්කරුගේ)
මිනින්දෝරු සැලැස්මේ පිටපත් 02
ඔප්පුවෙ පිටපත් 01
ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 01
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,
නව නගරය,
රත්නපුර.
045 2222805