ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත නීතිගත කිරීමත් සමග කහවත්ත,රක්වාන සුළු නගර සභා දෙකක් පනාපිටිය,අටකලන්පන්න ගම් දෙකක් එක්කර අටකලන්පන්න ප්‍රාදේශීය සභාව 1988.01.01 දින ස්ථාපනය කරන ලදී.එසේ ස්ථාපනය කරන ලද අටකලන්පන්න ප්‍රාදේශීය සභාව 1988 වරෂයේ සිට 2006 වර්ෂය දක්වා රක්වාන,ගොඩකවෙල,කහවත්ත හා ඇන්දාන යන ප්‍රධාන නගරයන් කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවන ලද උප කාර්යාලය 04කින් හා අටකලන්පන්න ප්‍රධාන කාර්යාලය මගින් අති විශාල මහජන සේවාවක් සලසන ලදී.
ජනගහනය වැඩිවීමත් මානව අවශ්‍යතා පුළුල් වීමත් සමග ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් පුළුල් වීමත් සමග ඔවුන්ගේ පහසුව සදහා ගොඩකවෙල හා රක්වාන කේන්ද්‍ර කර ගනිමින් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවත් කහවත්ත හා ඇන්දාන උප කාර්යාල කේන්ද්‍රකර ගනිමින් කහවත්ත ප්‍රාදේශීය සභාවත් 2006 වරෂයේ දී අලුතින් සංස්ථාපනය කරන ලදී.2006 වර්ෂයේ සිට මේ දක්වා ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විශාල මහජන සේවාවක් සලසමින් සබරගමුව පළාත් සභාවේ පළාත් පාලන ආයතන අතරින් රන් සම්මානයෙන් පිදුම් ලබන්නට හැකිවිය.
ගොඩකවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය